ඊශ්‍රායල-පලස්තීන ගැටුම් තවදුරටත්.....

මැයි 18, 2021

    ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ගැටුම් තවදුරටත් උග්‍ර වී තිබේ.

    මේ වනවිට ගාසා තීරයේ 212 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තාවේ. අඛණ්ඩව 8 වැනි දිනට ගැටුම් පැවතිණ. මියගිය පිරිස අතර කුඩා දරුවන් 61ක් සිටින බව වාර්තාවේ. කෙසේ වුවද ගැටුම්වලින් ඊශ්‍රායලයේ මියගොස් ඇති සංඛ්‍යාව දස දෙනෙක්. ඒ අතර, කුඩා දරුවන් දෙදෙනෙකු ද වේ.

    ගාසා තීරයට ඊයේ දිනයේත් දරුණු ප්‍රහාර එල්ල වී ඇති අතර, ඊශ්‍රායලය ගාසා තීරයේ උමං මාර්ග ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කරමින් සිටී. මෙම රොකට් ප්‍රහාර හේතුවෙන් පලස්තීන රජයේ කාර්යාලවලට සහ විදුලි සම්ප්‍රේෂණ කටයුතු මෙන්ම, යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව තිබේ.

    මේ අතර ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින ප්‍රචණ්ඩත්වය අවසන් කරමින් සටන් විරාමයක් සඳහා යොමුවීමට අමෙරිකානු ජනාධිපති ජේ බයිඩන් සහාය පළකර තිබේ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, අමෙරිකාව, ඊජිප්තුව සහ අනෙකුත් රටවල් සමඟ එක්වී මෙම සතුරුකම් නතර කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි.

    Latest News