වතිකානයට AI තාක්ෂණය

නොවැ 12, 2024

    වාස්තු විද්‍යාවේ නිධානයක් බඳු කතෝලික ජනයාගේ ශුද්ධ වූ පුදබිමක් වන වතිකානය AI තාක්ෂණයෙන් බලගන්වා තිබෙනවා.

    මෙහි තාක්ෂණික දායකත්වය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයා තිබෙනවා.

    මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    මෙහිදී බැසිලිකාවේ ඩිජිටල් ත්‍රිමාණ අනුරුවක් AI ඇල්ගොරිතමයක් භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර මේ සඳහා ඩ්‍රෝන් කැමරා සහ ලේසර් තාක්ෂණය භාවිතයෙන් ස්කෑන් කර සපයාගන්නා ලද දත්ත භාවිතා කර ඇත. සති 4ක් පුරා මෙම දත්ත එක් රැස් කර ඇති අතර ඡායාරූප ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇත.

    වාර්ෂිකව මිලියන 20 කට ආසන්න සංචාරකයින් පිරිසක් (දෛනිකව 50,000 කට ආසන්න පිරිසක්) පැමිණෙන සංචාරක භූමියක් වන වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුර ලොව සියලුම ක්‍රිස්තියානි පල්ලි අතරින් අද්විතීයම පල්ලිය ලෙස සැලකේ. එහි ඉදිකිරීම් වර්ෂ 1506 දී අරම්භ කර වසර 120 ක පමණ කාලයක් තුළ සිදු වී ඇත.

    රෆාඑල්ලෝ, මයිකල් ආංජෙලෝ වැනි චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර සටහන් වලට අනුව එවක ඉතාලි චිත්‍ර ශිල්පීන් විසින් ඇඳ ඇති වර්ග මීටර් දස දහසකට අධික වපසරියක විහිදී ඇති අත්‍යලංකාර චිත්‍ර සහ ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය නරඹන්නන් වශීකෘත කිරීමට සමත්.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රධානම ගෝලයා වන ශාන්ත පීතර අපෝස්තුවරයාගේ සිට ක්‍රිස්තියානි මුල් යුගයේ කාදිනල්වරුන්, බිෂොප්වරුන්, පාප් වරුන්ගේ දේහයන් බැසිලිකාවේ තැන්පත් කර ඇත.

    Latest News