කෙසේ වෙතත් අදාල මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම තැනැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මේ මස 29 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවා.
තමන්ව ඇප මත මුදා හරිණ ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින තැනැත්තා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.