අප්‍රිකානු රටවලට පරිත්‍යාග කෙරුණු කල් ඉකුත් වූ එන්නත් විනාශ කෙරේ

මැයි 19, 2021

    අප්‍රිකානු රටවලට පරිත්‍යාග වශයෙන් ලැබුණු කොරෝනා එන්නත් තොග කල් ඉකුත් වී ඇති බව වාර්තාවේ.

    මේ නිසා දිළිඳු අප්‍රිකානු රටවලට සිදුව ඇත්තේ, කල් ඉකුත් වූ එන්නත් තොග විනාශ කිරීමටයි. දකුණු සුඩානය වෙත පරිත්‍යාග වශයෙන් ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් එක් ලක්‍ෂ 91,000ක් විනාශ කිරීමට සිදුව ඇති බව එරට බලධාරීන් පවසයි.

    අප්‍රේල් 13 වැනිදා කල් ඉකුත් වූ එන්නත් මාත්‍රා නව ලක්‍ෂ 25,000ක් දිළිඳු අප්‍රිකානු රටවල් වෙත එවා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද තහවුරු කළේය.

    Latest News