උතුරු ගාසා තීරයේ 'බෙයිට්ලාහියා’ හි මහල් නේවාසික පරිශ්රයකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසන්නේ, මිය ගිය අයගෙන් බොහෝ දෙනෙකු කාන්තාවන් සහ ළමුන් බවයි.
සුන්බුන් අතර තවත් බොහෝ පිරිසක් සිර වී සිටින බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
තුවාලකරුවන් 7 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව, ආරක්ෂක අංශ පවසනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ, හමාස් සංවිධානයේ නැවත සංවිධානය වීම ව්‍යර්ථ කිරීමේ උත්සහයක් ලෙස, ‘බෙයිට්ලාහියා’ ඇතුළු ගාසා තීරයේ සටන්කාමී ඉලක්කය වෙත ප්‍රහාර එල්ල කරන බවයි.
මේ අතර, මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරු ඉලක්ක කර ගනිමින්, එල්ල වූ ප්‍රහාර තුනකින් 15 දෙනෙකු මිය ගිය අතර, ඩ්‍රෝන ප්‍රහරයකින් තවත් 5 දෙනෙකු මිය ගොස් ඇති බව, සිවිල් ආරක්ෂක අංශ පවසයි.