ඊශ්‍රායල-හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක්; ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර

මැයි 22, 2021

    ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමඟ ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර ලැබෙමින් පවතින බව වාර්තා වේ.

    ඊශ්‍රායලය විසින් අවහිර කර තිබූ ගාසා තීරයේ පිවිසුම් මාර්ග ඊයේ යළි විවෘත කෙරිණ. ආහාර, ඖෂධ සහ ඉන්ධන ගාසා තීරයට ලැබෙමින් පවතින බව, වාර්තාවේ. පසුගිය 10 වැනිදින ආරම්භ වූ ගැටුම්වලින් ගාසා තීරයේ පලස්තීනුවන් 243 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර, කාන්තාවන් හා ළමුන් සියයකට වැඩි පිරිසක් ද ඊට අයත්වේ.

    ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ ළමයින් දෙදෙනෙකු ඇතුළු 12 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ, ගාසා තීරය යළි ගොඩනැගීමට අමෙරිකාවේ සහය හිමිවන බවයි.

    එමෙන්ම, ඊශ්‍රායලයේ පැවැත්ම වෙනුවෙන් අමෙරිකාවේ කැපවීම වෙනස් නොවන බව ද, ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර සිටී.

    Latest News