නැගෙනහිර චීනයේ වෘත්තීය පුහුණු විද්‍යාලයක් ආශ්‍රිතව සිදු වූ පිහි ඇණුමකින්, 8 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
එරට පොලිසිය පවසන්නේ, තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
නැගෙනහිර චීනයේ “වුෂී” නගරයේ වෘත්තීය සහ තාක්ෂණික පුහුණු විද්‍යාලයක් ඉදිරිපිට දී මෙම පිහි ඇණුම සිදුව ඇති බව, එරට පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම පාසලෙහි ඉගෙනුම ලබා ඇති බවයි, මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
මෙම අපරාධය තමා විසින් සිදුකරන ලද බවට ඔහු පාපොච්චාරණය කළ බව පොලිසිය කියා සිටියා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, දුර්වල විභාග ප්‍රතිඵල හමුවේ, සිය ඩිප්ලෝමාව ලබාගැනීමට නොහැකි වීම නිසා තමන් මෙම ඝාතන සිදුකළ බවටයි.