බෝයිං 787ට තවත් නඩුවක්

නොවැ 06, 2019

    බෝයිං 787 ගුවන් යානයේ ඔක්සිජන් පද්ධතිය පිළිබඳව එහි සේවකයෙකු රහසිගත තොරතුරු අනාවරණය කර තිබේ.

    ඒ හේතුවෙන් ගුවන් මගින් කැළඹීමට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ. යානය තුළ හදිසි පීඩන තත්වයක් ඇති වුවහොත්, දිවි සුරකින ඔක්සිජන් වායුව ප්‍රමාණවත් ලෙස යානයට නොලැබෙන බව, එහි සේවකයෙකු විසින් ප්‍රකාශ කර තිබේ. පෝන් බානෙට් නමැති සමාගමේ හිටපු ඉංජිනේරුවරයෙකු ඒ සම්බන්ධව පවසා ඇත්තේ, තමා අදාළ යානයේ දෝෂය පිළිබඳ පරීක්ෂා කළ බවයි. ඒ අනූව, යානයේ ඔක්සිජන් පද්ධතියෙන් හතරෙන් එකක් පමණ දෝෂ සහගත බව ඔහු ප්‍රකාශ කර තිබේ. බෝයිං සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. බෝයිං 737 මැක්ස් යානා දෙකක් ආපදාකාරී අනතුරුවලින් මුහුණ දීමෙන් පසු එම සමාගමේ කීර්ති නාමය දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

     

     

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 12:19

    Latest News