කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය අමෙරිකාවට තහනම්

ජන 09, 2020

    ඉරානයේ අනතුරට පත් යුක්‍රේන මගී ගුවන් යානයේ කළු පෙට්ටිය හෙවත්, පියාසර දත්ත පටිගත කරන යන්ත්‍රය අමෙරිකාවට ලබා නොදෙන බව ඉරානය පවසයි.

    ඊයේ සිදුවූ ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 176ක්. ගුවන් ගමන්වලට අදාළ අන්තර්ජාතික නීතිරීති මාලාවට අනුකුලව මෙහි විමර්ශන කටයුතු ඉරානය විසින් සිදුකළ යුතු වෙයි. නමුත්, එය යානා නිෂ්පාදන සමාගමට සහ එය අයත් රටට කළු පෙට්ටිය විශ්ලේෂණය කිරීමට නීතිරීතිවලින් අවසර ලැබෙන බවයි වාර්තා වන්නේ. එහෙත්, ඉරානය පවසන්නේ ඒ සඳහා බෝයිං සමාගම අයිති අමෙරිකා එක්සත් ජනපදයට මේ සඳහා අවස්ථාව ලබා නොදෙන බවයි.

    ඉරානයේ ටෙහෙරාන් නුවර ඉමාම් ඔමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව සුළු මොහොතකින් යුක්‍රේනයට අයත් ගුවන් යානයක් ඊයේ කඩා වැටිණ. අමෙරිකාවේ බෝයිං සමාගමෙන් 2016 වසරේ දී යුක්‍රේනය මිලදී ගනු ලැබූ බෝයිං 737 වර්ගයට අයත් මෙම යානය අනතුර සිදුවූ ඊයේ දිනට පෙර පරීක්ෂාවට ලක්කර තිබේ. එය පියාසර තත්වයේ ඇති බවයි එහි දී තහවුරු වී තිබුණේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 08:56

    Latest News