බෝයිං 737 මැක්ස් යානා නිෂ්පාදනයට තිත

දෙසැ 17, 2019

    බෝයිං 737 මැක්ස් ගුවන් යානා නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට එම සමාගම සූදානම් වෙයි. ඒ ලබන ජනවාරි මස සිටයි.

    බෝයිං 737 මැක්ස් යානා නිෂ්පාදනය ඉකුත් මාස 9 පුරා සිදු කර ඇත්තේ, එම යානා දෙකක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරුවලින් පසුවයි. එම ගුවන් අනතුරුවලින් 300කට අධික පිරිසක් මිය ගියේය. ඉන්දුනීසියාවේ හා ඉතියෝපියාවේ සිදුවූ එම අනතුරුවලට භාජනය වූ ගුවන් යානා ආශ්‍රිතව ගැටලුකාරී තත්වය අනාවරණය කර ගැනීමටයි පරියේෂකයන් සමත් වූයේ.

    අමෙරිකාවේ සියැට්ල් ප්‍රදේශය කේන්ද්‍ර කරගත් බෝයිං සමාගම ලොව ප්‍රමුඛ ගුවන් යානා නිෂ්පාදන සමාගමක්. 737 මැකැස් යානා නිෂ්පාදනය අත්හිටුවීමත් සමග එම සමාගමට සිදුව ඇති පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 9ක් පමණ. එම සමාගමේ කොටස් ද 4%කට අධික සංඛ්‍යාවකින් පහළ ගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 10:37

    Latest News