අබු බකර් අලි බැග්ඩෑඩ්ගේ වැඩිමහල් සොයුරිය අත්අඩංගුවට

නොවැ 05, 2019

    අයි.එස්. සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක අබු බකර් අලි බැග්ඩෑඩ්ගේ වැඩිමහල් සොයුරිය තම අත්අඩංගුවට පත්වූ බව, තුර්කිය නිවේදනය කළේය.

    ඇයගෙන් අයි.එස්. සංවිධානය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලබා ගනිමින් පවතින බව, තුර්කි ආරක්‍ෂක අංශ පවසයි. උතුරු දිග සිරියාවේ අසාස් නමැති නගරයේදී තුර්කි හමුදාව සිදු කළ මෙහෙයුමකින් පසු 65 හැවිරිදි රස්මියා අවාඩ් අත්අඩංගුවට ගෙන තිබේ. මෙය තුර්කි හමුදාවේ ත්‍රස්තවාදී මර්දන ඒකකය අත්කර ගත් ජයග්‍රහණයක් ලෙසයි එරට රජය පෙන්වා දෙන්නේ. කෙසේ වුවද, එම කාන්තාව හා අයි.එස්. සංවිධානය අතර සබඳතා කුමක්ද යන්න මේ දක්වා පැහැදිලි කර නැහැ. අල් බැග්ඩෑඩ්ගේ සොහොයුරිය ඇයගේ පවුලේ සාමාජිකයන් සමඟ පලායමින් සිටි බව, තුර්කි බලධාරින් පවසයි. විශේෂයෙන්ම අයි.එස්. සංවිධානය ආයුධ හා මිනිස් ජාවාරම් සිදුකරන මාර්ග පිළිබඳ තොරතුරු මේ කාන්තාවගෙන් ලබාගත හැකි වනු ඇති බව තුර්කි රජය පවසයි.

    Latest News