බෝයිං පියාසර කරවීමට ඉක්මන් වැඩියැයි චෝදනා

ජන 25, 2021

    මතභේදයට තුඩු දුන් බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානාවල පියසර කිරීමේ ආරක්ෂක භාවය පිළිබඳ තවත් ගැටලුවක් ඇති බවට බෝයිං සමාගමේ හිටපු කළමනාකරුවෙක් චෝදනා කර සිටියි.

    ඔහු සඳහන් කරන්නේ, එම ගුවන්යානා පියාසර කරවීමට ඉක්මන් වැඩි බවයි.

    මේ වන විටත් අමෙරිකාව,බ්‍රසීලය හා තවත් රටවල් කිහිපයක් බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානා පියාසර කර වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. ගුවන්යානා පියාසර කර වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

    2018 වසරේ සිදු වූ ගුවන් අනතුරු දෙකකින් පසුව මෙම යානා පියාසර කරවීම තාවකාලිකව නවතා දැමුණේ, එහි පියාසර කරවීමේ ආරක්ෂක භාවය පිළිබඳ ඇති වූ ගැටලු හේතුවෙන්.

    බෝයිං සමාගමේ හිටපු කළමනාකරුවෙක් වූ එඩ් පියර්සන් කියා සිටියේ, මෙම ගුවන්යානාවල විදුලි පද්ධතියේ සහ නිෂ්පාදන ගුණාත්මක භාවය පිළිබඳව තවත් අවධානය යොමු කළ යුතු බවයි.

    Last modified on සදුදා, 25 ජනවාරි 2021 11:51

    Latest News