ලෝකය හදිසි දේශගුණික අර්බුදයක  

නොවැ 06, 2019

    ලෝකය හදිසි දේශගුණික අර්බුදයකට මුහුණ පා ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි. ගෝලීය පර්යේෂණවල නිරත විද්‍යාඥයින් එකොළොස් දහසක් පමණ එම අනතුරු ඇඟවීම් අනුමත කර ඇති බවයි, වාර්තා වන්නේ.

    වසර 40ක පමණ සිට සිදු කළ දත්ත ගවේශන දේශගුණ පර්යේෂණ සඳහා උපයෝගී කරගෙන තිබේ. විද්‍යාඥයින් අදාළ දත්ත පදනම් කර ගනිමින් විටින් විට අවශ්‍ය උපදෙස් ලබා දුන්නද, ලොව බොහෝ රජයන් දේශගුණික අර්බුදවලට විසඳුම් සෙවීමට අසමත්ව ඇති බවයි, විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

    පර්යේෂකයන් පවසන්නේ මතුව ඇති තර්ජනයේ පරිමාණය ගැන සළකා මෙම අනතුරු ඇඟවීම සිදු කළ බවයි. මේ අතර, අමෙරිකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වන පැරිස් ගිවිසුවෙන් ඉවත්වීම ආරම්භ කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය තම කනස්සල්ල පළකර තිබේ. ඉන් ඉවත්වීම සඳහා අමෙරිකාව වසරක සැලසුම් ක්‍රියාවලියක පළමු පියවර ආරම්භ කර ඇති බවයි, වාර්තා වන්නේ.

     

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 12:49

    Latest News