යළි කඩා වැටීමට පෙර පරීක්ෂාවක්

නොවැ 01, 2018

    බෝයිං - 737 වර්ගයේ සියලුම වාණිජ ගුවන් යානා පරීක්ෂා කිරීමට ඉන්දුනීසියා රජය නියෝග කර තිබේ.

    ඒ පුද්ගලයින් 189 දෙනෙකු සමඟ එම වර්ගයේ ගුවන් යානයක් සාගරයට කඩා වැටීමෙන් පසුවයි.

    ජකර්තා අගනුවර සිට ගුවන් ගතකර විනාඩි කිහිපයකට පසුව මෙම යානය සාගරයට කඩාවැටී තිබුණි. එම මුහුදු තීරයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම්වලින් යානයේ සුන්බුන්, මළ සිරුරු සහ ගමන්ගත් මගීන්ගේ පෞද්ගලික භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිවිය. බෝයිං ගුවන් සමාගම 737 මැක්ස් වර්ගයේ මේ යානය පසුගිය වසරේ දී හඳුන්වා දී තිබුණි.

    ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යාවරයා පවසා සිටියේ, රටතුළ තිබෙන එම වර්ගයේ සියලු යානා පරීක්ෂාකර වාර්තාවක් ලබාගන්නා බවයි.

    Latest News