“බෝයිං 737“ ගුවන් යානා තාවකාලිකව අත්හිටුවයි

මාර් 11, 2019

    ඉතියෝපියාවේ ගුවන් යානා අනතුරින් පසු “බොයිං 737 මැක්ස්-8“ වර්ගයට අයත් ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සේවා රැසක් පියවර ගෙන තිබේ.

    ඊයේ සිදුවූ ගුවන් අනතුරින්, මියගිය සංඛ්‍යාව 157ක්. අමෙරිකාවේ බෝයිං සමාගමේ නිෂ්පාදිත 737 මැක්ස්-8 වර්ගයේ ගුවන් යානාවක් ඊයේ කඩා වැටුණේ, ඉතියෝපියාවේ අඩීස් අබාබා සිට කෙන්යාවේ නයිරෝබි බලා පියාසර කරමින් තිබෙන අතරතුරදී. මාස 5ක් තුළ අදාළ සමාගමේ නිෂ්පාදිත යානාවක් අනතුරට පත් දෙවැනි අවස්ථාව මෙයයි.

    ඉකුත් ඔක්තෝබර් මසදී ලයන් එයාර් ගුවන් සේවයට අයත් එම වර්ගයේම යානාවක් කඩා වැටීමෙන් 189 දෙනෙකු මියගියා. අදාළ යානාවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් මේ වනවිට පවතින්නේ දැඩි අර්බුදකාරී තත්වයක්. එයාර් චයිනා, චයිනා ඊස්ටන් හා චයිනා සදර්න් ගුවන් සමාගම් බෝයිං 737 මැක්ස්-8 වර්ගයට අයත් යානා භාවිතය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    ඉතියෝපියානු සහ කේමන් ගුවන් සමාගම් ද අදාළ යානා භාවිතය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.

    Latest News