හගිබිස් ජපානයෙන් පිටත පැසිෆික් වෙතට

ඔක් 14, 2019

    හයිබිස් සුළි කුණාටුව ජපානයෙන් පිටත පැසිෆික් මුහුද කලාපය වෙත ගමන් කර තිබේ. සුළි කුණාටුවෙන් ජපානයේ මියගිය සංඛ්‍යාව 35කට අධිකයි.

    ඉකුත් සෙනසුරාදා ජපානයේ ප්‍රධාන දූපත ලෙස සැලකෙන හොන්ෂූ වෙත හගිබිස් කඩා වැදිණ. මෑත කාලයේ ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව මෙය ලෙස සැලකේ. ආපදාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ඇති හමුදා භට පිරිස් සංඛ්‍යාව විසිහත් දහසකට අධිකයි.

    පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්වී ඇති බව ද වාර්තා වෙයි. ජපානයේ දුම්රිය,ගුවන් ගමන් ඇතුළු ප්‍රවාහන කටයුතුවලට සුළි කුණාටුවෙන් දැඩි බාධා එල්ල විය. නගානෝ දුම්රිය ස්ථානයේ ද බුලට් දුම්රිය රැසක් ජලයෙන් යටවී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෙලිකොප්ටර් ආධාරයෙන් නිවාස තුළ සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 09:58

    Latest News