ජපාන මුදල් ඇමති මෙරටට

ජන 11, 2024

    ජපාන මුදල් අමාත්‍ය  සුසුකි සුනිචි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණියා ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන්.

    ජපාන මුදල් අමාත්‍යවරයා ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින්. ඔහුගේ නිල සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 

    සංචාරය අතරතුරදී  ජපාන මුදල් අමාත්‍යවරයා සහ එම දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනය සහ තවත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 18:45

    Latest News