“හගිබීස්“ සුළි කුණාටුවෙන් මියගිය ගණන 26 දක්වා ඉහළට

ඔක් 13, 2019

    ජපානයට බලපෑ “හගිබීස්“ සුළි කුණාටුවෙන් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් තිබේ.

    21 දෙනෙකු අතුරුදන් බව වාර්තාවේ. පස්වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස “හගිබීස්“ ජපානයට කඩාවඳින ආකාරය අභ්‍යවකාශයේ සිට මෙලෙස ඡායාරූප ගතකොට තිබිණ. ටෝකියෝ අගනුවර දකුණු ප්‍රදේශවලට සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් සිදුව තිබේ. ටෝකියෝ අගනුවර එක් ලක්‍ෂ පනස් දහසකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලි බලය ඇණහිට තිබේ. ජපානයේ ගංඟා 21ක ඉවුරු කඩා වැටීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතී. මධ්‍යම නගානෝ ප්‍රදේශයේ බුලට් දුම්රිය රැසක් ජල ගැල්මට හසුව තිබේ. හෙලිකොප්ටර් යානයකින් කාන්තාවක බේරා ගැනීමට ගත් උත්සහයකදී ඉන් පහළට ඇඳ වැටී ඇය ජීවිතක්‍ෂයට පත්වූවාය. සුළි කුණාටුවෙන් තුවාල ලැබූ පිරිස සියයකට අධිකවේ. සහන කටයුතු සඳහා යොදා ඇති සංඛ්‍යාව විසිහත් දහසකට අධිකයි. අවශ්‍ය වුවහොත් තවත් සෙබළුන් යොදවන බව අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ පවසයි.

    Latest News