බටහිර වෙරළෙන් ජීවිත 8 ක් බිලිගනී

මාර් 21, 2024
    ‍ජපානයේ බටහිර වෙරළට ආසන්නයේ දකුණු කොරියාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවිකයන් 8 ‍දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    නෞකාවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි, වාර්තා වන්නේ. ‍‍‍අතුරුදන් වූ නාවිකයින් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    අනතුරට පත් නෞකාව, ජපානයේ හිමේජි වරායේ සිට දකුණු කොරියාවේ උල්සන් දක්වා ගමන් කරමින් සිටි බවයි, ජපාන එන් එච් කේ මාර්ග ප්‍රකාශ කර සිටින්නේ. කුණාටු සහිත කාලගුණික තත්වය අනතුරට හේතු‍ව ඇති බවයි, අනුමාන කෙරෙන්නේ.
    එම‍ අවස්ථාවේ ප්‍රදේශයේ පැයට කිලෝ මීටර 54 ක සුළ‍‍ඟේ වේගයක් වාර්තා වූ බව, කාලගුණ විද්‍යා අංශ නිවේදනය කර තිබෙනවා. නෞකාව අනතුරට පත් වන විට එහි කොරියානුවන් දෙදෙනෙකු, ඉන්දුනීසියානුවන් 8 දෙනෙකු සහ චීන ජාතිකයෙකු ද එහි සිටි බව, ජපාන වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
    අනතුරට පත් නෞකාවේ කාබනික සංයෝගයක් වන ඇක්‍රිලික් අම්ලය ටොන් 980 ක් රැගෙන යමින් සිටි බව, වාර්තා වනවා. නමුත්, එහි කිසිඳු කාන්දු වීමක් මෙතෙක් වාර්තා වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පරික්‍ෂණ කටයුතු සිදු වෙමින් පවතිනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු කොරියානු බලධාරින් විසින් පැවැත්වූ බව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    Latest News