'හගිබීස්' ජපානයට මරුකැදවූ සංඛ්‍යාව 49ක්

ඔක් 15, 2019

    ජපානයට බලපෑ හැගිබීස් සුළි කුණාටුවෙන් මේ වන විට පුද්ගලයන් 49 දෙනෙකු මියගොස්, 16 දෙනෙකු අතුරුදන්වී තිබේ.

    සහන සේවා වෙනුවෙන් යොදා ඇති සංඛ්‍යාව එක්ලක්ෂ දස දහසක්. කුණාටුව හේතුවෙන් ජපානයේ ප්‍රධාන දිවයින වන හෝන්ෂූ දිවයින සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර නිවාස 100කට වැඩියෙන් හානිවී ඇති අතර නිවාස 100කට වැඩියෙන් හානිවී ඇති බව සඳහන්.

    ගංගා පිටාර ගැලීමෙන් හා වේලි කැඩී යාමෙන් ගංවතුර ඇතිවීම හා නායයැම හේතුවෙන් ජන ජීවිතය අඩාල වී තිබේ. ගංවතුරට කොටුවූ පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. නගානෝ නගරයේ නිවාසවල වහල හා සඳළුතලාවල රැඳී සිටින පිරිස් මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් සහ බෝට්ටු යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 09:16

    Latest News