මස් කන බැක්ටීරියාව ලෝකයම ගිල ගනී?

ජූනි 18, 2024
    මාරාන්තික බැක්ටීරියා ආසාදනයක් රට පුරා ශීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන්, ජපානයේ සෞඛ්ය අංශ දැඩි අභියෝගයකට මුහුණ පා සිටිනවා.

    මේ වන විට ආසාදිත රෝගීන් සංඛ්යාව දහසකට ආසන්න බවයි, වාර්තා වන්නේ.

    ‘ස්ට්රෙප්ටොකොකල් ටොක්සි ෂොක් සින්ඩ්රම්’ නමින් හඳුන්වන මෙම බැක්ටීරියා රෝග කාරකය ශරීර ගත වීමෙන් මිනිස් සිරුරේ මාංෂපේෂීන් ක්ෂය වීමකට ලක් වන බවයි, අනාවරණය කොට ගෙන ඇත්තේ.
     
    ජපානය පුරා ඉතා ශීඝ්රයෙන් මෙම රෝගී තත්වය පැතිර යන අතර ඉකුත් ජුනි මස දෙවැනි දින වන විට රෝගීන් 977 ක් වාර්තා වූ බව, සෞඛ්ය අංශ නිවේදනය කොට තිබෙනවා.
     
    රෝගකාරක බැක්ටීරියාව ශරීරගත වුවහොත්, පැය 48 ක් වැනි කෙටි කලක් තුළ මිය යා හැකි බවයි, වෛද්යවරු ප්රකාශ කරන්නේ.
     
    බැක්ටීරියාව ආසාදනය වීමෙන් ජනවාරි මස සිට මාර්තු මස දක්වා කාලය තුළ පුද්ගලයින් 77 දෙනෙකු මිය ගොස් ඇති බව, සංඛ්යා ලේඛන වාර්තා පෙන්වා දෙනවා.
     
    බැක්ටීරියාව ශරීරගත වීමෙන් ශරීරයේ ගැඹුරු පටකවලට හා රුධිර ප්රවාහයට හානි කරන අතර, උණ, මාංශ පේෂි වේදනාව සහ වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත්, රුධිර පීඩනය සහ කම්පන තත්වයන්ට මුහුණ දීමෙන් මිය යාමේ අවදානමක් පවතින බවයි, වෛද්යවරුන් ප්රකාශ කරන්නේ.
     
    ඉකුත් වසරේ මෙම රෝගකාරක බැක්ටීරියාව හේතුවෙන් මරණ 97 ක් වාර්තා වූ අතර, මේ වන විට මරණ සංඛ්යාව සියයට 30 ක ඉහළ යාමක් පෙන්නන බවයි, සෞඛ්ය අංශය නිවේදනය කොට තිබෙන්නේ.
     
    පසුගිය කාලය තුළ ලොවපුරා කොවිඩ් ආසාදන ඉහළ යාම හේතුවෙන්, සෞඛ්ය මාර්ගෝපදේශන පිළිපැදීම හේතුවෙන් මෙම රෝගකාරකය ද යම්තාක් දුරට වැළැකුණු බවයි, සෞඛ්ය අංශ නිවේදනය කොට තිබෙන්නේ.

    Latest News