සුප්‍රසිද්ධ සමාගම් 3කට ජපානයෙන් නීති

ඔක් 03, 2019

    ෆේස්බුක්,ගූගල් හා ඇපල් වැනි සමාගම්වලට එරෙහිව ජපානයෙන් නීති පැනවීමට සූදානම් වෙයි. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන වෙළෙඳ කටයුතු සඳහා මෙලෙස නීති පැනවීමට තීරණය කර තිබේ.

    නීති පැනවීම පිළිබඳ සාකච්ජාවක් ජපාන අමාත්‍යවරුන් පිරිසක් හා විශේෂඥයින් කණ්ඩායමක් අතර මෙම සතියේ දී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී ඔන්ලයින් ක්‍රමයට සිදුවන ගනුදෙනුවල විනිවිධ භාවය ඇති කිරීම හා පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම වැනි මූලික අරමුණ අන්තර්ගතව සාකච්ජා කිරීමට නියමිතව පවතියි.

    පෞද්ගලික තොරතුරු රැස් කිරීම හා එමගින් දැන්වීම් ප්‍රචාරණය වැනි කරුණු පිළිබඳව අවදානය යොමු කරමින් ඉදිරි දිනයක දී සාකච්ජාවලින් අනතුරුව එළඹෙන තොරතුරු අනූව නීති සම්පාදනය කිරීමට ජපාන රජය බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 10:22

    Latest News