මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය වී වසරයි

ඔක් 04, 2019

    මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක් වී වසරක් සපිරෙයි.

    ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි වෙනුවෙන් අනුස්මරණ මෙහෙයක් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි සෞදි තානාපති කාර්යාලය අසළදී පැවැත්විණ.

    ඔහු ඝාතනයට ලක්ව වසරක් සපිරීම සංකේතවත් කරමින් එය සංවිධාන කර ඇත.

    ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙක්.

    ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, පසුකාලීනව රජයේ උදහසට ලක්වුණි.

    පසුව ඔහු අමෙරිකාවට ගොස් Washington Post පුවත්පතට සේවය කළේය.

    තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඔහු ඝාතනයට ලක්වන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස දෙවැනිදායි.

     

    Latest News