බැග්ඩෑඩ්වලට ඇඳිරිනීතිය තවමත්

ඔක් 03, 2019

    ඉරාක අගනුවර,බැග්ඩෑඩ්හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දෙවන දිනය අදයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.

    රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතියි. රැකියා නොමැතිකම,දුරවල සේවා හා රාජ්‍ය දූෂණය පිළිබඳ විරෝධතාව හටගෙන තිබුණු අතර තවත් නගර තුනක ඇඳිරි නීතිය මේ නිසා ප්‍රකාශයට පත්කර තිබේ.

    සමහර ප්‍රදේශවල සමාජ මාධ්‍ය වේදිකා හා අන්තර්ජාල ප්‍රවේශය පවා අවහිර කර තිබේ. අගමැති ඇඩෙල් අබුදුල් මහීඩ් මීට වසරකට පෙර බලයට පත්වීමෙන් පසුව සිදුවූ විශාලතම විරෝධතාවය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 09:37

    Latest News