ඇමසන් රැකගන්න නන්දෙසින් ආධාර

අගෝ 27, 2019

    ගිනි හේතුවෙන් විනාශයට පත්වූ ඇමසන් වනාන්තරය සඳහා ලොව පුරා ආධාර එක්රැස් කෙරෙමින් පවතියි.

    ඒ සඳහා ලෝක නායකයින් සහ පරිසර ක්‍රියාකාරීන් මැදිහත් වී තිබේ. ජී-7 ලෝක බලවතුන්ගේ සමුළුවේ දී ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 22ක මුදලක් වෙන් කෙරිණ. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පසුගියදා මේ පිළිබඳ නිවේදනය කළේය.

    ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ, ඇමසන් වනාන්තරය රැක ගැනීමට එකමුතුවක් සඳහා මෙම මුද්ල වෙන් කෙරෙන බවයි. එසේම, සම්මානනීය හොලිවුඩ් නලු සහ පරිසර ක්‍රියාකාරිකයෙක් වන ලෙනාඩෝ ඩිකැප්‍රියෝ ඇමසන් රැක ගැනීමේ අරමුදලක් සඳහා ඩොලර් මිලියන 5ක මුදලක් ප්‍රදානය කර තිබේ. එසේම ඇපල් සමාගම ද මෙම කර්තව්‍ය සඳහා මුදල් ප්‍රදානය කිරීමට කැමැත්ත පළ කර තිබේ.

     

     

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 10:10

    Latest News