රජය කැළෑ කැපීමට කිසිවෙක්ට හෝ අවසර දී නැහැ - ඇමති මහින්ද අමරවී

පෙබ 23, 2021

    කැළෑ කපා පරිසරය වැනසීමට රජය කිසිවෙකුට හෝ අවසර දී නොමැති බවත්, අහිංසක ගොවියන්ට ඔවුන් වගා කළ බිම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස රජය දුන් උපදෙස් වැරදි ආකාරයට යොදා ගනිමින් ඇතැම් ජාවාරම්කරුවන් වනය විනාශ කරන්නට පටන් ගෙන තිබෙන බවත්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙම ක්‍රියාවන් පසුපස ඇතැම් දේශපාලඥයින් මෙන්ම ජාවාරම්කරුවන්ට සහාය දෙන රජයේ නිලධාරින් ද සිටින බවත්, එමනිසා කැළෑ කපා පරිසරය විනාශ කරමින් සිටින එවැනි පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි ජනාධිපතිතුමන් ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ඒ වගේම ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පරිසරය සුරැකීමේ පුළුල් වැඩපිළිවෙළක් ද මේ වන විට අරඹා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා එම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති ලෝක බාලදක්ෂ දින සැමරුම් නිල උත්සවයකට සහභාගි වෙමින්.

    Latest News