ගිලීයන ජකර්තා වෙනත් දූපතක් වෙත

අගෝ 27, 2019

    ඉන්දුනීසියාව එරට අගනුවර පිහිටුවීම සඳහා භූමි භාගයක් තෝරාගෙන තිබේ. එය, ජකර්තා නුවර සිට බෝනෙයෝ දූපත වෙත ගෙන යාමටයි, තීරණය කර ඇත්තේ.

    ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදෝදෝ මේ බව නිවේදනය කළේය. මීට හේතු ලෙස ඔහු සඳහන් කර සිටියේ, නගරය මේ වන විට දරා ගැනීමට නොහැකි තරම් විශාල වී ඇති බවයි. නගරයේ ඇතැම් ප්‍රදේශ සෑම වසරකම සෙන්ටි මීටර 25ක තරම් ප්‍රමාණයක් ගිලා බසින බවත්, ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම, නගරයෙන් අඩක් පමණ මේවන විටත් මුහුදු මට්ටමට පහළින් පිහිටා ඇති බවත්, ඔහු කියා සිටියේය. නගරය භෞතික වශයෙන් ප්‍රතිෂ්ථාපනය කිරීමේ කටයුතු 2025 වසරේ ආරම්භ කිරීමට නියමිතයි. එහි මූලික කටයුතු ඉතා ඉක්මනින් අරඹන බවයි, ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ. ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල ඉන්දුනීසියානු රුපියල් ට්‍රිලියන 466ක්. එනම්, අමෙරිකානු ඩොලර් බිලියන 27කට ආසන්න මුදලක්.

     

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 10:26

    Latest News