‍"ඇමෙසොන්" සිය සේවකයින් අඩු කරයි

නොවැ 16, 2022

    ‍"ඇමෙසොන්" සමාගම සිය සේවකයින් අඩු කි‍රීමට තීරණය කර තිබෙනවා. සමස්ත සේවක පිරිසෙන් සියයට තුනක් පමණ එනම්, දස දහසක පමණ පිරිසක් ඉවත් කිරීමටයි, සමාගම සැලසුම් කර ඇත්තේ.



    සේවක කප්පාදුව හේතුවෙන්, තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි, ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කර තිබෙනවා. සේවකයන් ඉවත් කිරීමේ දී එවැනි දෑ පළ කළ පුද්ගයන් ඉවත් කිරීමට ප්‍රමුඛතාවය දීම, කැපී පෙනෙන කරුණක්. කෙසේ වුවද, ‍"ඇමෙසොන්" සමාගම‍ මේ සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනක් නිකුත් කර නැහැ. ගෝලීය ආර්ථික පසුබෑමක් සහිත ප්‍රධාන පෙළේ තාක්‍ෂණික සමාගම් රැසක් සේවක කප්පාදුවක් සිදු කිරීමට පෙළඹී තිබෙනවා. බොහෝ සමාගම්වල මූලස්ථාන පිහිටා ඇත්තේ, අමෙරිකාව කේන්ද්‍ර කර ගනිමින්. මේ නිසා එරට බොහෝ පිරිසක් විරැකියා තත්වයකට පත්ව ඇති බවයි, සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ද, සේවක කප්පාදු සිදු කළ සෙසු සමාගම් වනවා.

    Latest News