ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි දැන්වීම ඉවත් කරගනියි

මාර් 13, 2021

    ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් amazon වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

    බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකා ධජය කිසිදු සංස්කරණයක් නොකර එලෙසින්ම යෙදූ පාපිසි සහ පාවහන් ආදී නිෂ්පාදන සම්බන්ධයෙන් amazon වෙබ් අඩවියේ පළ කර තිබූ දැන්වීම ඉවත් කර තිබෙනවා. ඒ චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ විසින් amazon වෙබ් අඩවියට කළ නියෝගයකට අනුවයි. චිනයේ බිජින් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිත කරමින් පාවහන් සහ පාපිසි නිෂ්පාදනය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස චීන රජය විසින් අදාල වෙබ් අඩවියේ වෙත දැනුම් දුන් බවයි. ශ්‍රී ලංකා ධජය සහිතව ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම විකිණීම අත්හිටුවීම සඳහා ඒ පිළිබඳව සමීපව අධීක්ෂණය කරමින් චීන බලධාරීන් ක්‍රියා මාර්ග ගන්නා බවත් බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.

    Latest News