කැනඩාවේ ලැව්ගිනි නිසා ලිබර්ටි ප්‍රතිමාව ද දුමෙන් වැසේ

ජූනි 07, 2023

    කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් පැතිර යන දුමාරය මිලියන ගණනකගේ ජීවිතවලට බලපෑම් එල්ල කර තිබෙනවා.

    ඒ, වායුගෝලයේ ගුණාත්මක භාවය ශීඝ්‍රයෙන් පිරිහී යාම නිසායි. දැඩි දුමාරය ටොරොන්ටෝ, ඔන්ටාරියෝ සහ ක්වෙබෙක් වැනි කැනඩාවේ නගර මෙන්ම, අමෙරිකාවේ නිව්යෝර්ක් සහ කෙන්ටකි නගර දක්වාද පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.‍ සුප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවද තැඹිලි පැහැති ඝණ දුමාරයකින් වැසී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

    Latest News