රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ වේල්ලක් විනාශයි

ජූනි 07, 2023

    රුසියානු ප්‍රහාරයකින්, යුක්‍රේනයේ ඩිනිප්‍රෝ ගංගාව හරහා ඉදි කර තිබූ නෝවා කකොව්කාහි වේල්ල විනාශ වී තිබෙනවා.

    ඒ අවට පදිංචි දහස් ගණන් ජනයා ප්‍රදේශයෙන් පළා‍ යමින් සිටින බවයි වාර්තා වන්නේ.

    දැඩි ගංවතුර තත්වයක් හටගෙන ඇති නිසා, ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසන්නේ, නගර සහ ගම්මාන 80 ක් ජලයෙන් යටවී ඇති බවයි. ඩිනිප්‍රෝ ගංගාවේ ජලය කර්සන් නගරයට පැමිණීමෙන් එහි ගොඩනැගිලි රැසක්ද විනාශ වී තිබෙනවා. රුසියා-යුක්‍රේන යුද්ධය නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ තවදුරටත් විනාශ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. කකොව්කාහි වේල්ල මුළුමණින්ම විනාශ කර ඇති බවට යුක්‍රේනය එල්ල කරන චෝදනා රුසියානු බලධාරීන් ප්‍රතික්‍ෂේප කරනවා.

    Latest News