කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙක් ඝාතනය කිරීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි

මාර් 08, 2024
    කැනඩාවේ ඔටාවා නුවර සිදුවූ පිහි ඇනීමේ සිදුවීමකින් ශ්රී ලාංකිකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ප්රහාරය එල්ල කර ඇත්තේ ද ශ්රී ලාංකිකයෙකු බවයි වාර්තා වන්නේ.

    පසුගිය බදාදා රාත්රියේ මෙම ප්රහාරය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. දකුණු ඔටාවා හි තදාසන්න ප්රදේශයක් වන බාර්හෙවන් හි නිවසක් මෙලෙස මවක්, ඇගේ කුඩා දරුවන් හතර දෙනා සහ පවුලේ හිතවතෙකු ඇතුළු 6 දෙනෙකු ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්ය පවසන්නේ.

    මියගිය දරුවන්‌ෙග් පියා බරපතල තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර ඔහු‌ගේ තත්වය මාරාන්තික නොවන බවයි කැනඩා මාධ්ය පවසන්නේ. මියගිය අයගෙන් පස් දෙනෙකු ශ්රී ලංකාවේ සිට කැනඩාවට පැමිණි නවක පවුලක් බව පොලිසිය හඳුනාගෙන ඇත.
     
    19 හැවිරිදි ඝාතකයා ද එම නිවසේම පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු ආසන්න විශ්වවිද්යාලය අධ්යාපනය ලබමින් සිට ඇති බවයි පැවසෙන්නේ.
    ඔහු එම ස්ථානයේදීම පොලිස් අත් අඩංගුවට පත්වී තිබෙනවා. කැනඩා පොලීසිය පවසන්නේ මෙම සිදුවීම කුමන අරමුණකින් කරන ලද්දක්ද යන්න පිළිබඳව තොරතුරු හෙළිවී නොමැති බවයි.
     
    මෙම සිදුවීම නගරයේ මෑත කාලීන ඉතිහාසයේ සිදුවූ දරුණුම මනුෂ්ය ඝාතන සිදුවීම බවයි පොලීසිය පවසන්නේ. ඝාතනය සඳහා තියුණූ මුවහතක් සහිත ආයුධයක් භාවිත කර ඇති බවයි ඔටාවා පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News