කැනඩාවේ ඔටාවා නුවර සිදුවූ පිහි ඇනීමේ සිදුවීමකින් ශ්රී ලාංකිකයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ප්රහාරය එල්ල කර ඇත්තේ ද ශ්රී ලාංකිකයෙකු බවයි වාර්තා වන්නේ.

යාපනයේ වැල්වටේතුරේ ගම්මානයේ ඉපදී හැදී වැඩී අධ්‍යාපනය ලබා මීට වසර 11කට පෙර රැකියාවක් සඳහා කැනඩාවට ගිය විජේ තනිකාසලම් කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ නියෝජ්‍ය ගමනාගමන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගෙන තිබෙනවා.

“ලී” සුළි කුණාටුවෙන්, ‍‍අමෙරිකාවට සහ කැනඩාවට දැඩි හානි සිදුව තිබෙනවා. කැනඩාවේ “නෝවා ස්කෝෂා” ප්‍රාන්තයේ එක්ලක්ෂ විසිදහසක පමණ පිරිසකට, විදුලි විසන්ධිවීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

“ලී” සුළි කුණාටුව බලපෑම 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරනවා. “ලී” නිවර්තන සුළි කුණාටු තත්වය මේ වනවිට පැයට කිලෝ මීටර 112 ක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා අංශ තවදුරටත් නිවේදනය කර සිටිනවා. කැනඩාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි සුළං ප්‍රවාහයත් සමග, අධික වර්ෂාපතනයක් ද හටගෙන තිබෙනවා. අමෙරිකාවේ “මෙන්” ප්‍රාන්තයේ ගස් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මේ වනවිට කැනඩාවේ ගුවන් ගමන් වාර සහ රථ වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර “නිව් ඉංග්ලන්ඩ්” සහ කැනේඩියානු ප්‍රාන්ත ගණනාවක කුණටු අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කොට තිබෙනනවා.

සුළි කුණාටු තත්වය “ලෝන්ග් අයිලන්ඩ්” ගොඩබිම හරහා උතුරු දෙසට ගමන් කරන බව වාර්තා වනවා. “ලී” නිවර්තන සුළි කුණාටුව අත්ලාන්තික් සාගර කලාපය තුළ සතියකට වඩා වැඩි කාලයක්, ප්‍රදේශ රැසකට ප්‍රබල බලපෑම් එල්ල කළ සුළි කුණාටු තත්වයක් ලෙස කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කොට සිටිනවා.

කැනඩාව පුරා පැතිර ගිය ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශවලින් ඉවත් කළ ජනතාව නැවත තම නිවෙස් කරා ආරක්ෂිත පැමිණිය හැකි බවට කැනඩා රජය නියෝග කොට තිබෙනවා.

කැනඩාව පුරා පැතිර යමින් පවතින ලැව් ගිනි හේතුවෙන්, ආර්ථික මෙන්ම මානූෂීය අර්බුධයක් ද පැන නැගී ඇති බව, එරට බලධාරීන් පෙන්වා දෙනවා.

කැනඩාවේ හට ගෙන ඇති ළැව් ගිනි මේ වන විට රටපුරා පැතිර යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.

කැනඩාවේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට ශ්‍රී ලාංකීය කාන්තාවක වන තුෂාරා විලියම්ස් මහත්මිය පත්ව සිටිනවා.

කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් පැතිර යන දුමාරය මිලියන ගණනකගේ ජීවිතවලට බලපෑම් එල්ල කර තිබෙනවා.

‍කැනඩාවේ නැගෙනහිර ප්‍රදේශයේ ලැව්ගිනි ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව, එරට බලධාරීන් පවසනවා.

‍කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  ඇතුළු පිරිසක්  විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා හමු වුණා.  

Latest News