“ලී” දරුණු වෙයි

සැප් 18, 2023

    “ලී” සුළි කුණාටුවෙන්, ‍‍අමෙරිකාවට සහ කැනඩාවට දැඩි හානි සිදුව තිබෙනවා. කැනඩාවේ “නෝවා ස්කෝෂා” ප්‍රාන්තයේ එක්ලක්ෂ විසිදහසක පමණ පිරිසකට, විදුලි විසන්ධිවීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    “ලී” සුළි කුණාටුව බලපෑම 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරනවා. “ලී” නිවර්තන සුළි කුණාටු තත්වය මේ වනවිට පැයට කිලෝ මීටර 112 ක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා අංශ තවදුරටත් නිවේදනය කර සිටිනවා. කැනඩාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි සුළං ප්‍රවාහයත් සමග, අධික වර්ෂාපතනයක් ද හටගෙන තිබෙනවා. අමෙරිකාවේ “මෙන්” ප්‍රාන්තයේ ගස් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මේ වනවිට කැනඩාවේ ගුවන් ගමන් වාර සහ රථ වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර “නිව් ඉංග්ලන්ඩ්” සහ කැනේඩියානු ප්‍රාන්ත ගණනාවක කුණටු අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කොට තිබෙනනවා.

    සුළි කුණාටු තත්වය “ලෝන්ග් අයිලන්ඩ්” ගොඩබිම හරහා උතුරු දෙසට ගමන් කරන බව වාර්තා වනවා. “ලී” නිවර්තන සුළි කුණාටුව අත්ලාන්තික් සාගර කලාපය තුළ සතියකට වඩා වැඩි කාලයක්, ප්‍රදේශ රැසකට ප්‍රබල බලපෑම් එල්ල කළ සුළි කුණාටු තත්වයක් ලෙස කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කොට සිටිනවා.

    Latest News