අමෙරිකානු පොකුරු බෝම්බවලින් යුක්‍රේනය වැඩ පෙන්වයි

ජූලි 21, 2023

    යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බව, අමෙරිකාව පිළිගෙන තිබෙනවා.

    ධවල මන්දිරය පවසන්නේ, යුක්‍රේනය මේ වන විට තමා ලබා දුන් එම බෝම්බ රුසියාවට එරෙහිව භාවිත කරන බවයි.

    අමෙරිකානු ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ, රුසියාවට එරෙහි ප්‍රහාරවලදී මෙම බෝම්බ සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවයි. ලොවපුරා රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක් පොකුරු බෝම්බ භාවිතය, තහනම් කර තිබෙනවා. ඒ, එමගින් සාමාන්‍ය වැසියන්ට සිදුවන හානිය හේතුවෙන්. මෙම පොකුරු බෝම්බයක් හෙලීමෙන්, පාපන්දු පිටියක තරම් භූමි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී යන බවයි, යුද විශේෂඥයින් පවසන්නේ. එහි බරපතලම තත්වය වන්නේ, පොකුරු බෝම්බයක් හෙලීමෙන් අනතුරුව, ඉන් පිටතට විසිරෙන සිය ගණනක් වන කුඩා බෝම්බවලින් පුපුරා නොයන බෝම්බ පසුකාලීනව සාමාන්‍ය වැසියන්ට බරපතල තර්ජන එල්ල කිරීමයි. යුක්‍රේනයේ ආයුධ හිඟවීම නිසා තහනම් කර ඇති මෙම බෝම්බ ඔවුන්ට ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබුණා.

    Last modified on සිකුරාදා, 21 ජූලි 2023 15:03

    Latest News