යුක්‍රේනයට ඔස්ට්‍රේලියාවෙන් අතිරේක හමුදා බලඇණියක්

ජූලි 13, 2023

    යුක්‍රේන රජයේ ඉල්ලීම මත ප්‍රහාරක ජෙට් යානා සැපයීම සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි, ඔස්ට්‍රේලියානු ආරක්‍ෂ අමාත්‍යවරයා පවසනවා.

    එහෙත් ඔහු පවසන්නේ, ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය යුක්‍රේන‍ය වෙත තවදුරටත් ලබා දෙන බවයි.

    බුෂ්මාස්ටර් සන්නද්ධ රථ 30 කින් සමන්විත අතිරේක හමුදා බල ඇණියක් යුක්‍රේනය වෙත ලබා දෙන බවට ඔස්ට්‍රේලියානු බලධාරින් ප්‍රතිඥා දී තිබෙනවා. එමෙන්ම, "එෆ් 18" ප්‍රහාරක ජෙට් යානා සැපයිම සම්බන්ධයෙන් ද යුක්‍රේන බලධාරින් ඔස්ට්‍රේලියානු ‍රජයෙන් විමසා ඇති බවයි, වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් ප්‍රකාශ කර ඇත්තේ, එම යානා සැපයීම පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවයි. එහෙත්, වෙනත් යුධ ආධාර මෙන් නොව, එම යානා සැපයීම මේ වන විට සංකීර්ණ ගැ‍ටලුවක් බවට පත්ව ඇති බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    Latest News