ඇෆ්ගන් කතුන් මානසික අර්බුදයක

ජූනි 06, 2023

    ‍ඇෆ්ගනිස්ථාන කාන්තාවන් දැඩි මානසික අර්බුදයකට පත්ව සිටින බව, එරට වෛද්‍යවරුන් පවසනවා.

    තලෙයිබාන් පාලනය විසින් ගෙන යනු ලබන පීඩාකාරි නීති රාමුව ඊට හේතුවී ඇති බවයි, වාර්තා වන්නේ. කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කිරීම, රැකියා සඳහා පනවා ඇති තහනම සහ තවත් නීති රැසක් නිසා එරට කාන්තාවන්ගේ නිදහස මුළුමනින්ම අහිමිවීමේ තත්වයක් උද්ගත වී තිබෙනවා. එරට රෝහල්වල මානසික සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍යවරුන් පවසන්නේ, තමන්ට සියදිවි නසා ගැනීමට සිතෙන බව පවසමින්, උපකාර ඉල්ලා දිනකට දුරකථන ඇමතුම් රැසක් ලැබෙන බවයි.

    Latest News