සොලමන් දූපත්හි ප්‍රබල භූ කම්පනයක්

නොවැ 22, 2022

    සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවක් හටගෙන තිබෙනවා. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය.

    භූමි කම්පාවේ ප්‍රබලත්වය සහ එය හටගත් ස්ථානය සැලකිල්ලට ගනිමින් අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණි. භූමි කම්පාවෙන් නිවාස සහ දේපොල රැසකට හානි සිදුවිය.

    තත්පර 20 ක් තිස්සේ භූමි කම්පාව පැවැති අතර සොලමන් දූපත් වැසියන් මහත් සේ බියට පත් වුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හානි හෝ තුවාල ලැබූවන් ගැන හෝ තවමත් කිසිවක් වාර්තා වී නැත.

    සොලමන් දූපත් පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට ඉහළිනි. ප්‍රධාන දූපත් 6ක් සහ තවත් කුඩා දූපත් 900ක් සොලමන් දූපත් රාජ්‍යයට අයත් වෙයි. සොලමන් දූපත් රාජ්‍යයේ ජනගහනය 7,03,995 ක් පමණ වන අතර හොනියාරා යනු සොලමන් දූපත් රාජ්‍යයේ අගනුවරයි. 

    Latest News