දකුණු සුඩානයත් I.M.I. යයි

නොවැ 22, 2022

    දකුණු සුඩානය ද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීට සූදානම් වනවා.

    ඩොලර් මිලියන 112.7 ක හදිසි ණය සහන වැඩපිළිවෙළක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට දකුණු සුඩානය සහ අයි.එම්.එෆ්. සංවිධානය අවතීර්ණ වී තිබෙනවා.  දකුණු සුඩානයේ 7,800,000 ජනතාව, උග්‍ර ආහාර හිඟයකට මුහුණ පා සිටින බව, එක්සත් ජාතීන්ගේ සහන සේවා ආයතන ප්‍රකාශ කරනවා. එ‍හෙත්, අයි.එම්.එෆ්. සංවිධානය ප්‍රකාශ කරන්නේ, එරට 8,300,000 ජනතාවට හදිසි ආහාර ආධාර අවශ්‍ය බවයි.

    ලබන වසරේ අප්‍රේල් - ජූලි වකවානුව තුළ මේ තත්වය වඩාත් දරුණු අතර හැරෙනු ඇති බවයි, එක්සත් ජාතීන්ගේ අනාවැකිවල දැක්වෙන්නේ. නියඟ, ගංවතුර, අභ්‍යන්තර යුද ගැටුම් හා ගෝලීය ආර්ථික ගැටලු මුල් කරගනිමින් මේ තත්වය උදා වී තිබෙනවා. එරට සහන වැඩපිළිවෙළ හා ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 112.7 ක මූල්‍ය සහන පිරිනැමීමට අයි.එම්.එෆ්. සංවිධානය බලාපොරොත්තු වනවා. ඊට අමතරව තවත් අප්‍රිකානු රටක් වන මලාවි රාජ්‍යයට ඩොලර් මිලියන 88.3 ක ණය සහන ලබාදීමට ද අයි.එම්.එෆ්. සංවිධානය තීරණය කර තිබෙනවා.

    Latest News