ජර්මනියේත් ගංජා නීතිගතවන ලකුණු

ඔක් 27, 2022

    ජර් මනියේ සන්ධාන රජය එරට වැඩිහිටියන් අතර ගංජා භාවිතය නීතිගත  කිරීමේ සැලැස්මකට එකඟ වී තිබෙනවා. 

    යුරෝපා සංගමයට අයත් රටවලින් මෙතෙක් ගංජා නීතිගත කර ඇත්තේ, මෝල්ටා රාජ්‍යයේ පමණයි. 

    ජර් මනිය ගෙන එන මෙම නව තීන්දුවට අනුව, පෞද්ගලික භාවිතය සඳහා එක්  පුද්ගලයෙකුට ග්‍රෑම් 30 ක ගංජා ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමට අවසර හිමි වනු ඇති.

    බලපත්‍රලාභී වෙළෙඳසැල් හා ෆාමසිවලද ගංජා අලෙවියට අවසර හිමි වනවා.

    කෙසේ වුවද, සන්ධාන රජය එකඟ වී ඇති මෙම සැලැස්ම තවමත් එරට පාර් ලිමේන්තුවේ අනුමත වී නැහැ. ‍එහෙත්, යුරෝපා කොමිසමේ එකඟතාවද මීට හිමිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. 

    ජර් මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, මෙම සැළැස්ම එළඹෙන 2024 වන විට නීතියක්  බවට පත්වනු ඇති බවයි. 

    මේ වන විටත්, ලොව රටවල් කිහිපයක් ඖෂධීය ගංජා සීමිත භාවිතයක් සඳහා අවසර ලබා දී තිබෙනවා. කැනඩාව සහ උරුගුවේ රාජ්‍යයද ගංජා නීතිගත කර ඇති රටවලට අයත්. 

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ඔක්තෝබර් 2022 11:30

    Latest News