රු.කෝටියක ගංජා හේන් 5ක් වටලයි

අගෝ 08, 2021

    කොස්ලන්ද,අලුත්වෙල, උස්වැල්ල ප්‍රදේශයේ දී ඊයේ (7) පස්වරුවේ සිදු කල වැටලීමකදී ගංජා හේන් පහක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අලුත්වෙල ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක ඉතාමත්ම සූක්ෂම ලෙස මෙම ගංජා හේන් වගා කර තිබී ඇති අතර එම ගංජා හේන් වල තිබී අඩි 2ත් 5ත් උසකින් යුත් ගංජා ගස් පහළොස් දහසකට වඩා හමුවී ඇත.

    ඒවායේ වටිනාකමක රුපියල් කෝටියකට අධික බවයි, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කරන්නේ.

    එම සැකකරු බලහරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයකු වන අතර ඉදිරි විමර්ශන සඳහා ඔහු කොස්ලන්ද පොලිසිය වෙත භාර දී ඇත.

    සැකකරු අද (8) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News