රු.කෝටි එක හමාරක තණමල්විල ගංජා හේනක් වටලයි

මැයි 12, 2021

    තණමල්විල, අරඹෙකෙම ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු කල හදිසි වැටලීමකදී ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අඩි දොළහකට ආසන්න උසකින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ මෙම ගංජා හේනේ ගංජා ගස් දහසය දහසකට වඩා තිබී ඇත.

    එම ගංජා වල වටිනාකමක රුපියල් කෝටි එක හමාරකට අධික බව පොලිසිය පවසන අතර මෙම ගංජා හේනවගා කල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි තුනක පුද්ගලයකු වන අතර සැකකරු ඉදිරි විමර්ශන සදහා තණමල්විල පොලිසිය වෙත භාර දී තිබේ.

    සියලුම ගංජා ගස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගිනි තබා විනාශ කර ඇති අතර සැකකරු අද (12) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි. 

    Last modified on බදාදා, 12 මැයි 2021 09:59

    Latest News