පැය 24ට ප්‍රදේශ 3කින් රු.ලක්ෂ 69ක ගංජා

මාර් 18, 2022

    ඉකුත් පැය 24 තුළ ප්‍රදේශ තුනක සිදු කෙරුනු වැටලීම්වලින් රුපියල් ලක්ෂ 69ක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

    වත්තල ප්‍රදේශයේ දී කිලෝග්‍රෑම් 43ක් සමග සැකකරුවෙක් ද මන්නාරම ප්‍රදේශයේ දී කිලෝග්‍රෑම් 9ක් සමග සැකකරුවෙක් හා කුලියාපිටිය ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 225ක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිණ.

    ඔවුන් වයස අවුරුදු 27 සහ 46 අතර වියේ පසුවන්නන් බවයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

    සැකකරුවන් කුලියාපිටිය තලෙයිමන්නාරම හා කොළඹ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News