ලක්ෂ 25කට වඩා වටිනා ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට

ජූනි 11, 2021

    හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වේලිඔය රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී අක්කර කාලක පමන භූමි ප්‍රදේශයක වගාකර තිබූ ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ගංජා හෙනේ ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් දෙදහස් පන්සීයකට වඩා තිබී ඇති අතර ඒවායේ වටිනාකමක රුපියල් ලක්ෂ විසිපහකට අධික බව පොලිසිය පැවසීය.

    ගංජා හෙනේ තිබූ සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි විසිනව හැවිරිදි පුද්ගලයෙකි.

    එම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බෙගමුව පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News