ඉරානය රත් කළ මරු පහර

ඔක් 27, 2022

    ඉරාන මුස්ලිම් පල්ලියකට එල්ල වූ ත්‍රස්ත  ප්‍රහාරයකින් 15 දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකු  පමණ තුවාල ලබා තිබෙනවා.

    ප්‍රහාරය සිදු කර ඇත්තේ, දකුණු යුක්‍රේනයේ ෂිරාෂ් නගරයේ පිහිටි  ප්‍රධාන ෂියා මුස්ලිම් සිද්ධස්ථානයක දී.

    ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදි සාමාජිකයා දේවස්ථානය තුළ දී බැතිමතුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මිය ගිය 15දෙනා අතර කාන්තාවක සහ ළමයින් දෙදෙනෙකු ද වන බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. අයි එස් අයි එස් ඉස්ලාමීය සටන්කාමී ත්‍රස්තවාදී සංවිධානය, ප්‍රහාරයේ වගකීම බාර ගෙන තිබෙනවා.

    ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ, මේ  පිටුපස සිටින පිරිස් සොයා විමර්ශන සිදු කර, දැඩි ප්‍රතිචාර දක්වන බවයි.

    රට තුළ ප්‍රචණ්ඩත්වය හා භීෂණය මගින් විවිධ ජන ‍කොටස් බෙදිමට උත්සහ දරන සතුරන් හෙළා දකින බව, ඉරාන ජනපති කාර්යාල‍ය නිකුත් කළ නිවේදනයක සඳහන්. බලධාරීන් පවසන්නේ, මෙම  ප්‍රහාරය සම්බන්ධයෙක් එක් පුද්ගලයෙකු අත්අඩංගුට ගෙන ඇති බවයි. 

    මෙය,  ඉරානයේ ෂියා  දේවස්ථානයකට එල්ල වූ දෙවන මාරාන්තික ප්‍රහාරයයි.          

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ඔක්තෝබර් 2022 09:48

    Latest News