නොසැලකිල්ලෙන් උගන්ඩා දරුවන් 11 ක් ගිනි ගෙන මරුට

ඔක් 27, 2022

    උගන්ඩාවේ දෘෂ්‍යාබාධිත ළමා පාසලක ඇතිවූ ගින්නකින් ළමයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

    බලධාරීන් පවසන්නේ, කම්පාලා අගනුවරට නැගෙනහිරින් පිහිටි පාසලේ හටගත් ගින්නට හේතුව පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටින බවයි.  අලුයම් කාලයේ ගින්න හටගෙන ඇත්තේ, පාසලේ නේවාසිකාගාරයක් තුළයි. සලාමා නමැති මෙම පාසලේ නේවාසිකාගාරයේ ළමයින් 27 දෙනෙකු සිටි බව වාර්තා වනවා. තුවාල ලැබූවන් ප්‍රථමයෙන් ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කෙරුණු අතර, වෛද්‍යවරුන් පවසන්නේ, එම සිසුන්ගේ අත්, පාද, සහ පපු පෙදෙස් වල පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි.

    මියගිය සිසුන්ගේ අනන්‍යතාව පැහැදිලි කර ගැනීම සඳහා ඩී.එන්.ඒ.පරීක්ෂණ ක්‍රියාත්මකයි. උගන්ඩාවේ පාසල්වල පසුගිය කාලයේ ගිනිගැනීම් සිදුව ඇත්තේ ළමයින් සිය නේවාසිකාගාරවල විදුලි පහන් නිවා දැමීමෙන් පසු ඉටිපන්දම් භාවිත කර ඒවා ගිනි ගැනීමෙන් බව විදෙස් මාධ්යප පෙන්වා දෙනවා. පාසල් තුළ ගිනි නිවීමේ උපකරණ නොමැති වීමෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් අඩාල වී තිබෙනවා. උගන්ඩාවේ පොලිස් වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ මේ වසරේ පමණක් එරට පාසල් ආශ්‍රිතව ගිනිගැනීම් 18 ක් සිදුව ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ඔක්තෝබර් 2022 17:37

    Latest News