පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයකු රු. ලක්ෂ 30 ක ගංජා සමග අත්අඩංගුවට

නොවැ 26, 2021

    ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

    විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) දින මට්ටක්කුලිය සහ රාගම යන පොලිස් වසමේවල දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

    එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 06, ග්‍රෑමි 542ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථාන වෙත භාර දී ඇති අතර ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වල දී අනාවරණය කරගන්නා ලද තොරතුරුවලට අනුව වරකපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පැළියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපලේ රාජකාරි සිදුකරණු ලබන පොලිස් නිලධාරියෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑමි 04, ග්‍රෑමි 191ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    Latest News