සීත ඍතුවේ බලශක්ති අවදානමක්

ඔක් 26, 2022

    ඉකුත්  සති කිහිපය පුරා රුසියානු රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර යුක්‍රේනයේ විදුලිබල පද්ධතිය සහ බලාගාර ඉලක්ක කර ගෙන එල්ල කෙරුණා

    මෙම  ප්‍රහාර හේතුවෙන් විදුලිබල ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින් රැසක් මිය ගිය අතර, යුක්‍රේනයේ කියෙව් අගනුවර  මුළුමනින්ම විදුලිය බිඳ වැටුණා. බිඳ  වැටී තිබෙන විදුලිබල පද්ධතිය යථා තත්වයට ගෙන එන තුරු යුක්‍රේනයට  නොපැමිණෙන ලෙස එරට බලධාරීන් රටින් පලා ගිය සරණාගතයින්ගෙන් ඉල්ලා සිටිනවා. 

    කියෙව් සහ වෙනත් ප්‍රදේශවල විදුලිය නැවත් සාමාන්‍ය තත්වයට ගෙන ආවත්, යුක්‍රේන‍ බලධාරින් පවසන්නේ, ඉදිරියේ දී මෙවැනි  ප්‍රහාර බලාපොරොත්තු විය හැකි බවයි. එළඹෙන සීත ඍතුවේදී විදුලි පද්ධතිය බිඳ වැටුණහොත් එරට ජිවත් වන ජනතාව මහත් අසීරුතාවට පත් වෙනු ඇතැයි, බලධාරීන් අනතුරු අඟවනවා. විදුලිබලය බිඳවැටුණු අවස්ථාවකදී නිවාස උණුසුම්  කිරීමේ යන්ත්‍ර මෙන්ම එරට ජලය  සහ වාරිමාර්ග පද්ධති ද බිඳ වැටෙනු ඇති බව, යුක්‍රේන බලධාරීන් පවසනවා.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 21:24

    Latest News