අමෙරිකාවෙන් යුක්‍රේනයට දිගු දුර මිසයිල

සැප් 23, 2023

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්ක්‍රේනයට නවීන දිග දුර මිසයිල ලබා දීමට සැලසුම් කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එම මිසයිල පද්ධතිය මගින් රුසියාවට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකියාව ඇති බවට, යුද විශ්ලේෂකයින් මත පළ කර සිටිනවා. කිලෝමීටර් 300 දක්වා පරාසයක ඇති ඉලක්ක වෙත එල්ල කළ හැකි මිසයිල පද්ධතියක් යුක්ක්‍රේනයට ලබා දෙනු ඇති බව, අමෙරිකානු බලධාරීන් මාධ්‍යට හෙළි කර තිබෙනවා.

    මෙම මිසයිල පද්ධතිය මගින් ඉදිරි පෙළට බොහෝ දුරින් සිටින රුසියානු හමුදා බලඇණිවලට පහර දීමට හැකියාව පවතිනවා. එළඹෙන සතියේදී ඇමෙරිකානු බලධාරීන් විසින් "ඇටෑකම්ස්" මිසයිල පද්ධතිය යුක්ක්‍රේනයට ලබාදෙන බවට අමෙරිකානු මාධ්‍ය පවසනවා. කෙසේවෙතත්, දෙරටේ බලධාරින් විසින් පළ වන මාධ්‍ය වාර්තා පිලිබඳ තහවුරු කිරීමක් සිදුකොට නැහැ.

    ප්‍රධාන රුසියානු සැපයුම් මාර්ග, සහ පසුපෙලින් තිබෙන හමුදා බලඇණිවලට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ඇතිවනු බවයි, යුධ විශ්ලේෂකයින්ගේ මතය වී තිබෙන්නේ. මේ අතර ඊයේ රුසියාවේ කළු මුහුදේ ක්‍රිමියානු යාත්‍රා බලඇණියේ මූලස්ථානයට එල්ල කල මිසයිල ප්‍රහාරයෙන් දරුණු හානි සිදුව තිබෙනවා. ප්‍රහාරය සදහා යොදාගෙන ඇත්තේ, බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදිත කිලෝමීටර 150ක ඉලක්ක වෙත එල්ල කල හැකි Storm Shadow මිසයිල බවයි, වාර්තා වන්නේ.

    Latest News