මරියපෝල් හි දින 20ක් ඔස්කාර් සම්මානයට

මාර් 11, 2024

    ලොස් ඇන්ජලීස් හිදී නිමාවූ 96 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස 20 Days in Mariupol සම්මානයට පාත්‍ර වුනා.

    රුසියානු හමුදා විසින් වටලනු ලැබූ වරාය නගරය තුළ රූගත කරන ලද යුක්රේනියානු චිත්‍රපටයක් වන මෙය 2022 මුල් භාගයේදී සිදුවූ ආක්‍රමණයත් සමග යුක්රේන මාධ්‍යවේදියකු වන Mstyslav Chernov විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා.

    මෙම චිත්‍රපටය 2022 සැප්තැම්බර් 10 වන දින ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තිරගත වූ අතර එහි අමෙරිකානු මංගල දර්ශනය 2023 ජුනි මාසයේදී ලයිට්හවුස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී පැවැත් වුනා.

    යුක්රේන ඉතිහාසයේ ලද ප්‍රථම ඔස්කාර් සම්මානයද මෙයයි.

    Latest News